2012-02-21

තැපැල් ඡන්ද විමසීම 15 සහ 16 දෙදින පුරා



මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සඳහා තැපැල් ඡන්ද විමසීම ලබන මස 15 සහ 16 යන දිනවලදී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. වන්නි දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්. සුදාහරන් පවසන්නේ තැපැල් ඡන්දය සඳහා රාජ්‍ය සේවකයින් 339 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි. 
ඒ සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන මස  5 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදෙන බව ද ඔහු පවසනවා. මීට සමගාමීව අදාළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීමට නියමිතයි.
සුදාහරන් මහතා පවසන්නේ ලබන මස 5 වැනිදා සිට 17 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවයි. 2010 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රා‍දේශීය සභා සඳහා ඡන්ද දායකයින් තෝරා ගෙන තිබෙනවා. ලබන මස 24 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව හතලිස් හතර දහසකි.



උපුටා ගැනීම - නිව්ස්ප්‍රස්ට්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.