2012-03-31

තම ලිංගිකයකුට හදි කළ හිමි නමක් අත්අඩංගුවට


පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන හිමිනමක් අත්අඩංගුවට ගැනීමෙන් පසු අපේ‍්‍රල් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අම්පාර මහේස්ත‍්‍රාත්  A.M.M. සහාබ්දීන් මහතා නියෝග කර තිබෙනවා. මෙසේ අතවරයට පත්කර ඇත්තේ වයස අවුරුදු 12 ක ළමයෙකි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොනාර මුදියන්සේලාගේ දිසාපාල උඩවැල්වලපිටිය දඹගල්ල පෞද්ගලික ලිපිනයේ පදිංචි හා ශ‍්‍රී දක්ෂිණාරාම විහාරස්ථානයේ රුහුණුගමල දඩයම් තලාව පන්සලේ හිමිනමකි. සැකකරු විසින් මෙම දරුවා පාසල ඇරී ගෙදර එන අතර වාරයේදී පන්සලට කැඳවා මෙම අපරාධය සිදු කර ඇතැයි පැවසෙනවා.
ලිංගික අපයෝජනයට ලක්කළ සිසුවා වෛද්‍ය පරීක්ෂණයට ලක්කර වෛද්‍ය වාර්තාවක් සපයන ලෙසද විනිසුරුවරයා පොලිසියට නියෝග කළා. එසේම මෙම හිමිනම අතින් තවත් ළමුන් ලිංගික අපයෝජනයට ලක්වී ඇද්දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.