2012-04-10

කිරළකැලේ මඩ වගුර කිඹුල් උයනක් වෙයි


නිල්වලා ගඟේ කිඹුල් උවදුර නැති කිරීමට කිරළකැලේ අක්කර 50 ක් පමණ වන මඩ වගුර ආරක්ෂිත කිඹුල් උද්‍යානයක් බවට පත්කිරීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ දී ජීවිත කිහිපයක් බිලිගනිමින් සිදුවු ඛේදවාචක ඉදිරියේ දී ඇති නොවීමට වහාම විසඳුම් සොයන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව අනාවරණ වනවා.
ඒ අනුව මෙම කිඹුල් උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 12 ක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.