2012-04-06

පෙම බිඳුනැයි ගුවන් පාලම උඩ සිට බසයක් මතට පනී


මාතර තලල්ල ප‍්‍රදේශයේ පාසලක් අසළ ගුවන් පාලමක් උඩ සිට ඊයේ (05) දහවල් මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රියක වහලයට පැනීමෙන් පාසල් සිසුවකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ එම සිසුවා මාතර මහ රෝහලේ අංක 05 වාට්ටුවේ මේ වන විට නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පැවසෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්.  පේ‍්‍රම සම්බන්ධතාවක් මත ඇතිවූ සිත් තැවුලක් නිසා මෙම සිසුවා දිවිනගන්නට මෙසේ බසය උඩට පැන ඇති බව අනාවරණය වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.