2012-04-06

කාන්තා දිනයදා කාන්තාවක් දූෂණය කර මරා දැමූ සැකකරු අත්අඩංගුවට


ජාත්‍යන්තර කාන්තා දිනය සැමරු දා පෝරුවදණ්ඩ, පැල්පිටිගොඩ වැව අසල අතුරු මාර්ගයක වැටී සිටියදී ඉංගිරිය පොලිසිය විසින් රෝහල් ගත කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ ඝාතනයට අදාළ සැකකරු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෝරුවදණ්ඩ, පැල්පිටිගොඩ ප‍්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි එක් දරු පියෙක්.
අදාළ කාන්තාව දුෂණය කර, අස්වාභාවික ක‍්‍රියාවක්ද සිදුකරල හිසට මොට ආයුධයකින් පහර දී ඇය ඝාතනය කළ බව සැකකරු පොලිසියේදී පාපොච්චාරණය කළ බව පොලීසිය පවසනවා. සැකකරු සන්තකයේ තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වරයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු මෙම අපරාධය සිදුකර ඇත්තේ බීමතින් බව පොලිස් මූලික පරීක්‍ෂණවලින් අනාවරණ කරගෙන තිබෙනවා. කාන්තාවට මෙම අතවරය කිරීමෙන් පසු සැකකරු පොළොන්නරුව ප‍්‍රදේශයට පලාගොස් සිටි බවද පැවසෙනවා.
සැකකරු විසින් එම කාන්තාවගේ ශරීරයේ ස්ථාන කිහිපයක්ම අමානුෂික ආකාරයෙන් සපා කා ඇති අතර එම තුවාල සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී ශිව සුබ‍්‍රමනියම් මහතාගෙන් වාර්තාවක් ලබා ගැනීමට ඉංගිරිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

1 comment:

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.