2012-04-19

අවුරුද්දට තෑගි දෙනවායැයි පවසා නිරුවත් කර ෆොටෝ අරන්


අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් අරන් දෙන බව පවසා බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු බොල්ගොඩ ගඟ අසබඩ පාළු ස්ථානයකට කැඳවාගෙන ගොස් ඔවුන් නිරුවත් කර අසභ්‍ය ඉරියව්වලින් තබා ඡායාරූප ගනිමින් සිටි ආයතන හිමිකරුවකු පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
එම සැකකරුට අයත් සේවා ස්ථානයේ රැකියාවේ නියුතු කාන්තාවකගේ අවුරුදු 10 සහ 09ක් වූ දැරියන් දෙදෙනෙකු සැකකරු මේ සඳහා යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පාළු ස්ථානයක කෙරුණු මෙම සිද්ධිය දුටු අසල්වැසියකු ඒ පිළිබඳව පිළියන්දල පොලීසියට දුරකථනයෙන් දැනුම්දීමෙන් පසු පොලීසිය එම ස්ථානය වටලා ඇත. 
මෙහිදී එම දැරියකට කිසියම් අතවරයක් සිදු වී ඇද්ද යන්න ගැන සෙවීම සඳහා ඇය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර ඇති අතර පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 
එම සැකකරු සන්තකයේ අසභ්‍ය ඡායාරූප අඩංගු සංයුක්ත තැටි දෙකක්ද තිබී ඇති අතර ඔහු භාරයේ තිබූ ජංගම දුරකථනයද පොලීසිය භාරයට ගෙන තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.