2012-04-14

මෙදා සිංහලු හා හින්දු අලුත් අවුරුද්දට අමෙරිකාවෙනුත් සුබ පැතුම්


ශ‍්‍රී ලංකාවට උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු අමෙරිකානු ජනතාව වෙනුවෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. වසර 150කට අධික කාලයක සිට  මිතුරෙකු හා හවුල්කරුවෙකු ලෙස අමෙරිකාව ශ්‍රි ලංකාවේ සංවර්ධනයට හා ජාතික සමගි සන්ධානය සදහා දරණ උත්සාහයට තවදුරටත් සහය දෙන බවත් එමගින් දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ක්ලින්ටන් මහත්මියගේ නිවේදනයේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.
ඉවසීම හා මානව හිමිකම්වලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සෞභ්‍යගමත් රටක් ගොඩනැගීම සඳහා ශ්‍රි ලංකාව තුළ හා විදෙස්ගතව සිටින සියලු ශ්‍රි ලාංකිකයින්ට මෙය අවස්ථාවක් බව ද පෙන්වාදෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය පෙන්වා දෙන්නේ අවුරුදු සැමරුම පවුල සහ මිතුදම් අලුත් කිරීම තුළින් ජනතාව අතර එකමුතුවක් ඇති කර ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.