2012-04-06

සාපෙ නැතත් උසස් පෙළ ලියන්න අවසර


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගය සමත්ව තිබීම අනිවාර්ය නැතැයි විභාග කොමසාරිස් W.M.N.J. පුෂ්පකමාර මහතා පවසනවා. 
කෙසේ වෙතත් උසස් පෙල විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන වයස අවුරුදු 21ට අඩු පෞද්ගලික අපෙක්‍ෂකයන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇගයීම් ව්‍යාපෘති සම්පුර්ණ කල යුතු බවද ඔහු සඳහන් කරනවා.
ඒ අනුව උසස් පෙළ විභාගයට පළමු වතාවට පෙනී සිටින අවුරුදු 21ට අඩු පෞද්ගලික අයදුම්කරුවන් එම ඇගයීම් ව්‍යාපෘති සිදුකල යුතු අතර වයස 21ට වැඩි අයදුම්කරුවන් උසස් පෙල විභාගයට පෙනී සිටීමේදී ඇගයීම් ව්‍යාපෘති ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද ඔහු කියා සිටිනවා.

1 comment:

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.