2012-08-14

ගාමිණි දිසානායක පරද්දන්න මුල් වුණේ කවුදැයි ළඟඳීම නන්ද මැතිව් හෙළි කරාවි


2005 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීමට කල කුමන්ත‍්‍රණය හා සමාන කුමන්ත‍්‍රණයක් 1994දී ගාමිණී දිසානායක මහතා පරාජය කිරීමට ක‍්‍රියාත්මක වුනු බවත් ඒ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ කවුද යන්න ඉදිරියේදී නන්ද මැතිව් හෙළි කරනු ඇති බවත් අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. පොලොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කළා.
‘ගාමිණී දිසානායක මහතා වසර එකහමාරක් අගමැකි ලෙස කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය කර  විපක්‍ෂ නායක වුණා. ඊට පස්සෙ ජනාධිපති අපේක්‍ෂකයා වුණා පසුව පැවති ජනාධිපතිවරණයේදී ඔහුට එරෙහිව පැහැදිලි කුමන්ත‍්‍රණයක් දියත් වුණා. මම මෙහෙම කියන්නේ ඔහුගේ පුතා නිසා නෙමෙයි.
මේ කුමන්ත‍්‍රණය ගැන හරියට දන්නේ නන්ද මැතිව් මහතා. ඒ මහතා ඉදිරියේදී මේ පිළිබඳව වැඩදිරටත් හෙළි කරාවි. ඔහු එක්සත් ජාතික පක්‍ෂ හිටපු ප‍්‍රබල නායකයෙක් වන සිරිල් මැතිව් මහත්තයගෙ පුතා. ගාමිණි දිසානායකගේ පෝස්ටර් පුච්චන්න ජනාධිපතිවරණයෙන් පරද්දන්න රැස්වීම් තියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයෙ එක්තරා පුද්ගලයෙක් තමන්ට උපදෙස් දුන්නා කියලා නන්ද මැතිව් මහතා ඉදිරියේදී කියාවි’

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.