2013-02-15

අචලාගේ අත කැපුවේ මාතර රෝහලේ වරදින්


මාතර මහරෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට එරෙහිව ඉදිරියේදී විනය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුව ද ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍යංශය පසුබට නොවන බවයි. කොළඹ නීති පීඨයේ අචලා ප‍්‍රියදර්ශනී සිසුවියගේ අත කපා ඉවත් කිරීමට සිදුවූයේ මාතර රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ නොසැලකිල්ල නිසා බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව පවසනවා. එම කමිටුව විසින් සකස් කළ වාර්තාව පසුගිය 11 වනදා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට භාරදෙනු ලැබුවා.
ලේකම්වරයා විසින් ඉකුත් දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප‍්‍රකාශ කළේ. ඒ අනුව අදාළ කමිටු වාර්තාව පදනම් කරගනිමින් චෝදනා පත‍්‍රයක් සකස් කෙරෙනු ඇති. එය ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.