2013-05-24

දෙවනගල පුදබිම වටා දැල් ගසා ගෙයකුත් හදලා


කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඓතිහාසික දෙවනගල පූජාභූමිය ආක්‍රමණය කර දැල් වැටක්‌ ගසන බවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී.යූ. ඩයස්‌ මහතා මාවනැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මුස්‌ලිම් ජාතිකයකු වන මොහු සබරගමුව පළාත් සභාවේ හිටපු එජනිස මන්ත්‍රීවරයෙකි. හෙතෙම එම ස්‌ථානයේ විශාල නිවාසයක්‌ ද ඉදිකර තිබෙනවා.
ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා විශේෂ ගැසට්‌ පත්‍රයකින් මෙය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව 2007 අගෝස්‌තු මස පුරාවිද්‍යා නිලධාරීන් මායිම් කණු සිටුවීමට මෙහි පැමිණියත් ප්‍රදේශයේ කැබිනට්‌ ඇමැතිවරයෙකු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට බාධා කළ නිසා මායිම් කණු යෙදීමට නොහැකි වූ බව ඩයස්‌ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.