2013-07-24

සයමස් ගැබිනිය බලහත්කාරයෙන් ගබ්සා කරලා


අගලවත්ත  හල්දොළ ප‍්‍රදේශයේ තම පෙම්වතා සමග එකට දිවිගෙවූ හයමස් ගැබිනි කාන්තාවක ගැටගසා කටට රෙදි ඔබා බලහත්කාරයෙන් ගබ්සාවක් සිදු කළ සිවු දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය 23 වැනි දහවල් අධික වර්ෂාව පැවැති මොහොතේ නිවසේ දොර අරවාගෙන එහි සිටි තිස් හැවිරිදි ගැබිනි කත සිහිසුන් කර ඇදෙහි ගැටගසා මෙම ක‍්‍රියාව සිදුකර ඇති බවත් සවස තමන් නිවෙසට පැමිණි පසු සිද්ධිය දැක කාන්තාව රෝහල් ගත කළ බවත් කාන්තාවගේ පෙම්වතා පොලිසියට පැමිණිලි කර තිබේ. හඳුන්කූරු නිෂ්පාදනයේ නියැළෙන මෙම යුවළගේ සම්බන්ධයට තම වැඩිහිටියන් එරෙහි බවත් මෙය ඔවුන්ගේ ක‍්‍රියාවක්දැයි සැක බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සිද්ධියට සම්බන්ධ සැක කාන්තාවක් ඇතුළු සිවුදෙනා රෝහලකට නොයන ලෙස දන්වා ගබ්සා කළ කාන්තාවට ලිපියක් ලියා තබා ගොස් ඇති බවත් පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනවා. කාන්තාව නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.