2013-08-19

සන්ධාන මන්ත්‍රී මාරවිලින් කොළඹට


දරුණු කැපුම් තුවාල සහිතව මාරවිල මුලික රෝහලට ඇතුළත් කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට මාරුකර යවා තිබේ. මේ වන විට ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ අතකට සැත්කමක්ද කර ඇත. 
ඊයේ රාත්‍රී වෙන්නප්පුව - ගාලවත්ත ක්‍රීඩා පිටිය අසලදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගත කර ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලීසියට පවසා ඇති බව අප වාර්තාකරු පවසයි. මුලින්ම දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇතිවු බවත්,ඉන් පසුව පහරදීම සිදුවී ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි. 
මෙම සිද්ධියට දෙදෙනෙකු සම්බන්ධ බව මේ වන විට අනාවරණය වී ඇතත් ඔවුන්ව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.           

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.