2013-09-10

වෑන් රිය බලෙන් නවතා ඇඟලුම් සේවිකාවන්ට අතවර කරන්න හදලා


ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වාහනයක් බලහත්කාරයෙන් නතර කර එහි ගමන් ගත් තරුණියන්ට ලිංගික අතවර කිරීමට තැත් කරන ලදැයි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධානාගරයට නියම වූයේ මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. 
ඇඟලුම් කම්හලේ සේවය නිමවී ආයතනයේ වෑන් රථයකින් ඔවුන් නවාතැන් පොළවල්වලට ප්‍රවාහනය කෙරෙමින් තිබියදී ත්‍රීරෝද රථයකින් වෑන් රථය ලුහුබැඳ ආ තරුණයන් මග හරස් කර එම වාහනය නවතා තරුණියන්ට ලිංගික අතවර කිරීමට තැත් කර ඇතැයි පයාගල පොලිස් ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතා අධිකරණයට වාර්තා කර තිබුණි. පයාගල පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.