2013-10-23

කැසිනෝ පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විවාදයට


ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීමේ ගැසට්‌ නිවේදනය සංශෝධනය කර යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.  එම ගැසට්‌ නිවේදනය
සංශෝධන සහිතව ගෙන එන නිසා හෙට සහ අනිද්දා (24 සහ 25) අදාළ ගැසට්‌ නිවේදනය පාර්ලිමේන්තුවේදී විවාද නොකිරීමට තීරණය කළ බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (22 දා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී විවාද කළ යුත්තේ සංශෝධන සහිතව ගෙන එන එම ගැසට්‌ නිවේදනය බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පෙරේදා (21 දා) රාත්‍රි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී අදාළ ගැසට්‌ නිවේදනයේ වගන්ති කිහිපයක්‌ සංශෝධනය කළ යුතු බවට පක්‍ෂ නායකයන් අදහස්‌ දැක්‌වීම නිසා මේ තීරණය ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එම රැස්‌වීමේදී ලාංකිකයන්ට කැසිනෝ තහනම් කිරීමට රජය තීරණයක්‌ ගත්තේදැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ පක්‍ෂ නායක රැස්‌වීමේදී එවැනි අදහස්‌ සාකච්ඡා වුවත් එහිදී ලාංකිකයන්ට කැසිනෝ තහනම් කිරීම සඳහා තීරණයක්‌ නොගත් බවයි.
අදාළ ගැසට්‌ නිවේදනය රජය විසින් හකුළාගෙන ඇති අතර සංශෝධන සහිතව එය යළි ඉදිරිපත් කිරීම රජයේ අපේක්‍ෂාව වී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.