2013-10-23

පන්දම අතහැරි හේරත් බණ්ඩා අලියා පිට නගියි

පසුගිය  මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්  මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ ආසනයෙන් තරග කර මනාප ප්‍රතිඵල ගැන අර්බුදයකට ලක්ව සිටි හේරත් බණ්ඩා මහතා එම පක්ෂයෙන් ඉවත්ව ඊයේ (22) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ගත්තා.  ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය.
මනාප ප්‍රශ්නයක් මත තමාට අසාධාරණයක් වූ බව පවසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පසුගිය මස 24 වැනිදා විරෝධතාවයක ද නිරත වූ හේරත් බංඩා මහතා ඒ හේතුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වයෙන් මෙන්ම කුණ්ඩසාලයේ ආසන සංවිධායක තනතුරින්ද ඉවත් කරනු ලැබීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.