2013-10-23

සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිකොතට කුරුදු පොලු සැපයීමට සූදානම්

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට අවශ්‍ය සියළුම කුරුඳුපොලූ ඇණැවුම් තම අමාත්‍යංශය හරහා ලබාදීමට සූදානම් බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. තම නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් නිදහස් කරන ලද ගවයින් දෙදෙනෙකු රැකවලුන්ට භාරදීමේ අවස්ථාවට ගාල්ලේ දී එක්වෙමින් මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් මෙසේ අදහස් ප්‍රකාශ කළා.
‘මගේ අමාත්‍යාංශය සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය. මට යෝජනා එනවා කට්ටියගෙන් කුරුදු ටික තලාගෙන පොලු ටික සිරිකොතට යවන්න කියලා. සිරිකොතේ තමයි පොලුවලට ඉල්ලුම තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අය ගහගන්න කුරුදු පොලු තමයි පාවිච්චි කරන්නේ. ඉතිං ඒ හින්දා මම යෝජනා කළා කුරුඳු තලලා ඉතුරු වන පොලු ලොකු මිලකට සිරිකොතට ලබා දෙන්න පුලුවන් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අපේ කුරුදු සුළු අපනයන බෝග නායකයා වෙන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.