2013-11-07

බ්‍රිතාන්‍ය අගමැතිගේ බිරිය ඉන්දියානු සාරියකින් සැරසී දිපාවලි සමරයි

බි‍්‍රතාන්‍ය අගමැති බිරිඳ සමන්තා කැමරන් තැනට උචිත විලාසිතාවන්ගෙන් සැරසෙන්නියක ලෙස ප‍්‍රකටය. පසුගියදා ඇය ඉන්දියානු සාරියකින් සැරසුනාය. ඒ දීවාලි උත්සවය සමරමින් ලන්ඩන් නුවර ස්වාමි නාරායන් මන්දිරයේ පැවති ආගමික පූජා උත්සවයකට සහභාගී වීමටය. දීවාලි උත්සවය දින පහක් පුරා සමරනු ලබන හින්දු ආගමික පූජා උත්සවයකි. ස්වාමි නාරායන් මන්දිරය ඉන්දියාවෙන් පිටත ඇති විශාලතම හින්දු පූජා භූමිය ලෙසද සැලකේ. බි‍්‍රතාන්‍යයේ වෙසෙන බොහෝ හින්දු භක්තිකයන් මෙම දීවාලි උත්සව පූජාවන් වෙනුවෙන් එහි පැමිණි අතර බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ ඔහුගේ බිරිඳ සමන්තා කැමරන්ද ඔවුන් හා එක්ව මෙවර එම වතාවත් ඉටු කරන ලදී . සාරියකින් සැරසුන සිය බිරිඳගේ සුන්දරත්වය පිළිබඳ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා වඩාත් ආඩම්බර වූවා විය යුතුය. ඔහු තමන් දෙදෙනා දීවාලී උත්සවය සැමරූ අවස්ථාවේ ජායාරූප එකතුවක් ලක්‍ෂ පහකටද අධික සාමාජික පිරිසකගෙන් සමන්විත සිය ට්විටර් වෙබ් පිටුවටද එක් කොට තිබුණි.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.