2014-06-04

බඹර ප්‍රහාර මඟහැර සීගිරිය බලන්න අවස්ථාවක්

බඹර ප්‍රහාරවලින් සිදුවන අනතුරුවලින් තොරව දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය නැරැඹීමට අවස්ථාව සලසා දීමට 'බිඟු සම්පත සුරැකීමේ සංවිධානය' සූදානම් බව එම සංවිධානයේ ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා පවසයි. බඹර ප්‍රහාර නිසා සීගිරිය වසා දැමීමට කිසිම පුද්ගලයකුට අයිතියක් නොමැති අතර බඹරු ඇවිස්සුණු විට ඓතිහාසික සීගිරිය වසා දැමීම ජාතික අපරාධයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. සීගිරිය කිසිදාක වසා තබන්නේ නැතිව බඹරු සිටිද්දීම එය තරණය කිරීමට අවස්ථාව සලසා දීමේ කාර්යභාරය තම සංවිධානය ඉතාමත් වගකීමෙන් යුතුව භාරගන්නා බවත් තිස්ස බණ්ඩාර තඹවිට මහතා පවසයි. සීගිරිය ඇතුළු දිවයිනේ වෙනත් ප්‍රදේශවල සිදුවන බඹර ප්‍රහාර අනතුරු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා එම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.