2015-02-14

සරාගී නිලි සනී ලියෝන් කුමාරිකාවක් වෙයි

සනී ලියෝන් බොලිවුඞ් සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වගේම අනෙකුත් අය අතරේ ටිකක් විශේෂයෙන් කැපී පෙනෙන චරිතයක්. සරාගි රංගනයන් වගේම අඩනිරුවත් දර්ශන නිසා තමයි ඇයට වැඩි ජනප‍්‍රියත්වයක් හිමි වන්නට හේතු වුණේ. මේ වන විට සනි ලියෝන් වෙනස්ම චරිතයකින් ඔබ හමුවට එන්න සූදානම්.

ඒ බොබී ඛාන් අධ්‍යක්ෂණය කළ Ek Paheli Leela චිත‍්‍රපටයෙන්. සනී එහි ලීලා නම් කුමාරිකාවකගේ චරිතය නිරූපණය කරනවා. ඒ වුණත් ඇයට ඒ චරිතය නිරූපණය කිරීම අභියෝගයක් වූ බවයි ආරංචි වෙන්නේ.

Ek Paheli Leela චිත‍්‍රපටයේ පිටපත ලැබුණු අවස්ථාවේදීම සනී මේ චරිතයට ගොඩක් කැමැති වෙලා. පිටපත කියවන විටදී ඒ කැමැත්ත තව තවත් වර්ධනය වුවත් ප‍්‍රථම වරට ලීලා නම් චරිතයට ප‍්‍රවිෂ්ඨ වීමට ඇයට පැය හය හමාරක් ගත වෙලා.

ඉන් පසුවත් රූ ගත කිරීම්වලදී ඇයට ලීලා වෙන්න පැය දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා. එහෙම වුණත් චිත‍්‍රපට කණ්ඩායමේ හැමෝම සනීට ඒ වෙනුවෙන් සහයෝගය ලබාදී තියෙනවා.

තමන් මේ චරිතය වෙනුවෙන් මොන තරම් කැප වෙලා තියෙනවාද කියලා චිත‍්‍රපටය නරඹනවිටදී තේරුම් ගන්න හැකි වේවි කියලා සනී පසුගිය දවසක පැවසුවා. කොහොම වුණත් ලීලා වෙන්න සනී කළා වූ මේ කැපවීම දැක ගන්න මේ අවුරුද්දේ මැද භාගය විතර වෙනකල් බලා සිටින්න වෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.