2016-10-07

19 කණුවේ අනතුරකින් අයෙක් මරුට 4ක් රෝහලට

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 19 කණුව  ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සාලිය වැව පොලිසිය පැවසුවේ කැන්ටර් වර්ගයේ ලොරියක් සහ කුඩා ප්‍රමාණයේ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති බවයි.  
අනතුරින් පුල්මුඩේ කොට්ඨාස අංක 3 හි පදිංචිව සිටි අබ්දුල් රසාක් මොහොමඩ් සියාම් (අවු 40) නමැත්තෙක් මියගොස් ඇති අතර ඔහු කුඩා ප්‍රමාණයේ ලොරි රථයේ රියැදුරු බවට හඳුනාගෙන තිබෙනවා. 
තුවාල ලැබූවන් අතර කුඩා ප්‍රමාණයේ ලොරි රථයේ ගමන් කළ අයෙක් සහ කැන්ටර් වර්ගයේ රියැදුරු සහ තවත්් දෙදෙනෙකු වන බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.