2016-10-07

ලේලි කියන්නේ බොරු - මාමා කට අරියි

ඒකාබද්ධ විපක්‍ෂය විසින් රත්නපුර පැවැත්වීමට නියමිත රැස්‌වීම සඳහා සීවලී ක්‍රීඩාංගණය ලබාදීම දේශපාලන බලපෑම් මත අහිමි කිරීමට උත්සාහ ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි වන මාගේ "ලේලිය" කරන ප්‍රකාශ අසත්‍ය යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා ඊයේ (06 වැනිදා) පැවසීය. 

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රවර්ධන වැඩසටහනකට රත්නපුර පැරැණි ලොරි රථගාල ලබාදෙන ලෙස රත්නපුර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ඉවෝන් අත්තනායක කළ ඉල්ලීමක්‌ අනුව රත්නපුර මහ නගර සභාවේ කොමසාරිස්‌වරයා එම රථගාල දී ඇතැයිද ඊයේ (06 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය. 

ඒකාබද්ධ විපක්‍ෂය විසින් මුලින් රථගාලද පසුව සීවලී ක්‍රීඩාංගණය ද ඉල්ලා ඇති බවත්, රථගාල ලබාදීමට නාගරික කොමසාරිස්‌වරයා අනුමැතිය දී ඇති බවත් අමාත්‍යවරයා කීය. 

රත්නපුරේ සීවලී ක්‍රීඩාංගණය ලබා නොදුන් බවට කරන චෝදනාව තමන්ට එල්ල විය හැකි නිසා මෙම ප්‍රකාශය කරන බවද අමාත්‍යවරයා පැවසීය. කවුරු රැස්‌වීම් තිබ්බත් පක්‍ෂය දෙකඩ නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.