2017-01-16

මෑන්පවර් සේවකයන් ස්ථීර නොකිරීමේ කුමන්ත්‍රණය පරදනවා - ඇමැති රාජිත කියයි

ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ස්ථීර නොකිරීමේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ටෙලිකොම් මෑන්පෙවර් සේවකයින් ස්ථීර නොකිරීමෙි කුමන්ත්‍රණය පරාජය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයින් 2100 ක් තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එම සේවකයින්ගේ ගැටළු සාකචිඡා කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (16) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියේය. 

සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ටෙලිකොම් මෑන් පවර් සේවකයින්ගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබාදිය යුතුයි. 2015 ජනවාරි 08 වන දා වත්මන් රජය බිහි කිරිමට මෙම සේවකයින් කැපවී සිටියා. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයටත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කිරීම සදහා ඔවුන් දිවා රෑ නොබලා කටයුතු කළා. 
පසුගිය රජයට විරුද්ධව සටන් කළා. ටෙලිකොම් ආයතනයේ දැන් සිටින ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කළ ආකාරය මම දන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පිටකොන්දක් නැහැ කියලා කියපු පුද්ගලයාත් මෙම පාලන අධිකාරිය සමග එකතුව කටයුතු කරනවා. රජය ඉදිරියට ගෙනයන්න හදනවා. ජනවාරි 08 වනදා අපි බිහි කළේ ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක්. 
අපි ක්‍රමය වෙනස් කළා. ටෙලිකොම් සේවකයින් බිය නැතුව සිටින්න. කාලය මෙම ප්‍රශ්ණය විසදයි. අමාත්‍ය මණ්ඩලයේ දී මම මෙම කරුණ පිළිබදව සාකචිඡා කළා. ජනාධිපතිවරයා පැහැදිලි තීරණයක සිටිනවා මෙම ප්‍රශ්නය විසදිය යුතු බවට. ජනාධිපතිවරයා සමග එකතුව මෙම ප්‍රශ්ණය විසදීමට මම කටයුතු කරනවා. 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ටෙලිකොම් ආයතනයේ සිටිනවා. එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වරාය අධිකාරියේ සිටින කාලයේ දී කරපු වැඩ ගැනත් මම දන්නවා. ඔවුන්ගේ කුමන්ත්‍රණයට අපි හසු වන්නේ නැහැ. රජය අපහසුතාවයට පත්කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. සාධාරණ විසදුමක් දිනාගන්නා තුරු මම ඔබ සමග සිටිනවා.”

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.