2021-02-14

රට දැඩි අවදානමක, Lockdown නොකලොත් ව්‍යසනයක් වේවි – PHI සංගමය අනතුරු අගවයි

යම් ප්‍රමාණයකින් හෝ රට වසා තබමින් ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් ඉදිරි කාළයේදී කොරෝනා වසංගතයෙන් දැඩි ව්‍යසනයකට රට මුහුණදීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

බ්‍රිතාන්‍යෙයන් හමුවූ කොරෝනා වෛරසයේ නව ප්‍රබේදය ආසාදනයවූ රෝගීන් මෙරටින් වාර්තාවීමත් සමග දැඩි අවදානමකට රට මුහුණ දී ඇති බවයි අද මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනා වෛරසයේ නව ප්‍රබේදය ආසාදනයවූවන් කිහිපදෙනෙකු මෙරටින්ද හඳුනාගැනීමත් සමග තීරණාත්මක සන්ධිස්ථානයකට රට පැමිණ ඇති බවද උපුල් රෝහණ මහතා මෙහිදී පෙන්වා දුන්නා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.