gossip







අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කමලිනි ද සිල්වා මහත්මිය  පත් කෙරුණා. ඇය මෙතෙක් කල් අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියා.

කමලිනි ද සිල්වා මහත්මිය උගත් පාඩම් සහ ප‍්‍රති සන්ධාන ජනාධිපති කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී.ආර්.ද සිල්වා මහතාගේ බිරිඳ වනවා. මෙම පත් කිරීමත් සමග නිති ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තනතුරු ත‍්‍රිත්වයම කාන්තාවන් වීම ද විශේෂත්වයක්. නීතිපතිවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය කටයුතු කරන අතර අගවිනිසුරු ධුරය හොබවනු ලබන්නේ ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින්.



අයේෂාගේ එකගෙයි කෑම 
(2011-01-10) අපට මෑත කාලයේදී එකගෙයි කෑමේ කතාන්දර වැඩි වශයෙන් අහන්න දකින්න නොලැබුණ ද පසුගිය දිනක කලා ලෝකයෙන් එවැනි සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි විය.පුරාණ සිංහල විවාහ ක‍්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලකට එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක‍්‍රමයක් ද දක්නට ලැබුණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම ය.මෙය එකගෙයි කෑම ලෙස හදුන්වනු ලැබීය. කෙසේවුවද කල්යත්ම අදාල සම්ප‍්‍රදායද වැලැලී ගියේය. මෙවැනි මනාලියක් වීමේ දුර්ලභ භාග්‍ය උදාකරගෙන ඇත්තේ රණවිරු රියල් ස්ටාර් රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු කළ අයේෂා සඳමාලිය.කෙසේවුවද ඇය එකගෙයි කෑමට පටන්ගෙන ඇත්තේ සැමියාගේ සහෝදරයකු සමග නොවීම වීම ද විශේෂිතය.අයේෂා එකගෙයි කෑමට පටන්ගෙන ඇත්තේ සැමියාගේ හොඳම යහළුවෙකු සමගය. සැමියාගෙන්ද ඔහුට කිසිම තහංචියක් නොවීම නිසාම මෙය එකගෙයි කෑමක් ලෙස හැදින්වීමේ වරදක් නොවේ.ඔහු ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මෝටර් රථ එකලස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. අභාවප්‍රාප්ත වූ ඇමතිවරයෙක් ජීවත්ව සිටි සමයේ දී නම් මොහුගේ ව්‍යාපාරයට හොඳ තල්ලූවක් ලැබිණි.කෙසේවුවද වර්තමානයේ ඔහුට ඉඳහිට හෝ එවැනි තල්ලූවක් ලැබෙන්නේ මාධ්‍ය මධ්‍යස්ථානයක අධ්‍යක්ෂවරයෙකුගෙන් බවද කියවේ. ඔහු අයේෂාට මෑතකදී කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ නිවසක්ද මිලදී ගෙන දුන් බවද වාර්තා වේ.හලෝ ශ‍්‍රී ලංකා වැනි වැඩසටහන්ද සජීවීව ඉදිරිපත් කළාය.සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ අවසන් හතර දෙනා අතරට ද පැමිණි ඇය සක්විත්තෝ ලොක්කයියා වැනි ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වූවාය.


වෙබ් අඩවිවල අලූත්ම කලාව - අනර්කලී පහදයි

(2012-01-02) උපේක්ෂා ස්වර්ණමාලි මෙහෙයවන රූපවාහිනී වැඩසටහනකට පැමිණි අනර්කලී ආකර්ෂා විවිධ පුද්ගලයින් සම්බන්ධ කර පළවන ගොසිප්ස් පිළිබඳ කතා කළා. ගොසිප් කියන්නේ මඩ ප‍්‍රචාරයක් බවයි ඇය පැවසූවේ. එසේම වැඩක් නොමැති අය මෙවැනි ගොසිප් නිර්මාණය කරන බවත් පැවසුවා. ඇය අන්තර් ජාලයේ සිටි අවස්ථාවක තවත් රංඟන ශිල්පිණියකගේ ඡායාරූප ඇති බව වෙබ් අඩවියක දුටු විට එම ඡායාරූප පිළිබඳව සොයා බැලූවත් කිසිම ඡායාරූපයක් නොදුටු බවයි ඇය පවසුවේ.
      ලඟදි මම අන්තර්ජාලයේ සිටින කොට මට මොහොතක් උදාවුණා සහෝදර කලා ශිල්පිණියකගේ විස්තරයක් දිස් වුණා. දැන් අලූත්ම ක‍්‍රමය.... මේක දිස් කරනවා, දිස් කරනවා....බැබළෙනවා.... රන් අකුරින් වගේ එක එකක් පාටවල්..... මෙහෙම ඡායාරූප තියෙනවා කියලා. මම දන්නවා මේ කලාකාරිණිය ජීවිතේට එහෙම ඡායාරූපයක පෙනී සිටින්නේ නෑ කියලා. මං ගිහින් බැලූවා... මොකුත් නෑ....
අනර්කලීගේ සම්පූර්ණ කතාව පහතින් 


එහිදී ඇයගේ රසිකාවක් විමසු පැනයකට පිළිතුරු දෙමින් අනර්කලී ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.
රසිකාවිය - අනාර් කවදාහරි ඔයා මැරී කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනයෙනුයි රඟපෑමෙනුයි අයින් වෙන්න කියලා, ඔයා මොකද්ද ඒ වෙලාවට ගන්න තීරණය?
අනර්කලී - රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ. හේතුව ගැන කිව්වොතින් මගේ යාළුවො පවුලේ අය ඒ ගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවහම මම කැමති නැහැ දුකක් දෙන්න කාටත් ඒ වගේම මම කැමති නැහැ දුක මගේ ජිවිතයට ගන්න.
මම විශ්වාස කරනවා විවාහය කියන්නේ ඉතාම ලොකු වගකීමක් වර්තමානයේදී ජිවිත වෙනස් වෙලා තියෙන්නේ. වගකීම් අපිට ඕන දේවල් ජිවිතේ වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සරකාලේ විවාහය ගැන විතරයි අපි හිතුවේ. නමුත් දැන් අපි අපේ අධ්‍යාපනය ගැන රැකියාව ගැන අපි අපේ සෞඛ්‍යය ගැන අපි අපේ විනෝද වෙලාවේ කරන්න ඕන දේවල් ගැන හිතනවා. ඒ නිසා මම බොරුවක් කියන්න කැමති නැහැගමම කසාද බඳින්නේ නැහැ.
එම වීඩියෝව පහතින් නරඹන්න.....................







ශිහාන් මිහිරංගත් 2012දී අමාරුවේ වැටෙන පාටයි
සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි. සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.අප වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ.මේ අතර ශිහාන්ගේ පෙම්වතිය කැමතිම ගීතය වන ශිහාන් ගයන "මේ ඇස් දිහා බලන්" ගීතයෙහි සම්පුර්න හිමිකාරත්වය ගැනීම සඳහා ශිහාන් විසින් රුපියල් මිලියනයකට අධික මුදලක් වැය කර ඇතතම පෙම්වතියගේ ප්‍රියතම ගීතය වන එහි රුපරචනය සඳහා ශිහාන් සමගින් ශිහාන්ගේ පෙම්වතිය පෙනී සිටීමට නියමිතයි.එහි රුගත කිරීම් ලබන වසරේ පෙබරවාරි මස සිදු කිරීමට දින දී ඇති අතර ශිහාන්ගේ විවාහය ලබන වසරේ ජුනි මස සිදු කිරීමට සැලසුම්කොට ඇත.

උපුටා ගැනීම Gossip9





පොළොන්නරුවෙන් කොමාන්ඩෝ සළඹයෙක්

කොමාන්ඩෝ භටයන්ගේ නිල ඇඳුමට සමාන (කැමර්ෆ්ලාජ්) අගල් 6ක් පමණ දිග සළඹයකු පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ජනපදයේදී හමුවී තිබේ.මෙම සළඹයා ඕලෙන්ඩර් හෝක්-මොත් විශේෂයට අයත් වෙතැයි පරිසරවේදිහු අනුමාන කරති.මෙම වර්ගයේ සළඹයන් ඩැෆ්නිස් නෙරිල් යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.මෙම සළඹ විශේෂය අපි‍්‍රකාව හා ආසියානු කලාපවලදී දැකගත හැකි වේ.සංක‍්‍රමණික සළඹයකු සේ සැලකෙන මෙම විශේෂය ගී‍්‍රෂ්ම සෘතුවේදී නැගෙනහිර හා දකුණු යුරෝපිය ප‍්‍රදේශවල සංක‍්‍රමණය වන බව පැවසේ.




පබාගේ හොර වැඩක් මව හෙළි කරයි



ජනප්‍රිය නිලි හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී  (පබාට)  මහත්මියට රාජයෝගයක් ඇති බව ඇයගේ මව නිර්මලී ද සිල්වා මහ්මිය පවසනවා. ඇයගේ මව මේ බව පවසා ඇත්තේ සති පතා නිකුත් වන කලා පුවත් පතකටයි. ඇගේ කේන්ද්‍රයේ රාජයෝගයක් ඇතැයිද ඇය කවදා හෝ ජනප්‍රිය චරිතයක් වනු ඇතැයිද තමා විශ්වාස කළ බවද නිර්මලී ද සිල්වා මහත්මිය පවසනවා.

උපේක්ෂා ස්වර්ණමාලී (පබා) ළමා කාලයේදී හඳුන්වනු ලැබුවේ බේබි යන සුරතල් නමින් බවද නිර්මලී මහත්මිය පවසනවා. උපේක්ෂා කුඩා කාලයේ දඟ ළමයෙක් නොවුවද යමක් අවශ්‍ය වුවහොත් එය අවශ්‍යම බව ඇගේ මව අනාවරණ කර සිටියා.

පබාගේ එක හොර වැඩක් තිබුණු බවයි නිර්මලී මහත්මිය පවසන්නේ. ඇය කිසි දිනක තමාගේ පාසල් වාර්තා පොත අත්සන් කිරීමට මවට නොදුන් බවයි නිර්මලී මහත්මිය මෙහිදී අනාවරණය කර සිටියේය.