2012-01-19

වේයන්ගොඩ කාමාතුර ගුරුවරයා පන්නන්නැයි තාප්ප පුරා පෝස්ටර්


උසස් පෙළ හදාරන පාසල් සිසුවියන් රවටා ඔවුන්ට ලිංගික අතවර කළ බව කියන වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයා පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමග ඊයේ (18) එම ප‍්‍රදේශයේ දෙමම්පියන් එක් වී එකී ගුරුවරයාට එරෙහිව පාසල් තාප්පයේ හා අවට පෝස්ටර් අලවා විරෝධය පළ කර තිබේ.

  • සර් එහෙම වුණාට පන්තියේදී ළමයින්ට කියන්නේ සංවර වෙන්න කියලා
  • දෙමව්පියන් ඉදිරියේ ළමයින්ගේ හැදියාව නරකයි කියනවා


‘‘ගුරුවරයා අපේ දරුවන් කෙළෙසනතුරු බලධාරීන් නිදි’’, ‘‘කාමාතුර හොර ගුරා දරුවන් කෙළසනතුරු විදුල්පති නිදි’’, ‘‘ජනාධිපතිතුමනි අපේ දැරියන් බේරා දෙන්න්.’’ ආදී පාඨ සඳහන් පෝස්ටර් වේයන්ගොඩ හා අවට ප‍්‍රදේශවල අලවා තිබූ බව වාර්තා වේ. එසේම අදාළ ගුරුවරයා සම්බන්ධව එම විද්‍යාලයේ සිසුවියෝ මෙසේ මාධ්‍යයට තොරතුරු හෙළි කළහ.
සර් ගැන හුඟක් ආරංචි ඇවිත් තියෙන්නේ හොඳ නෑ කියල තමයි. සර් මගේ යාළුවෙකුටත් කතා කරලා තිබුණා. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක්. ඒ අක්කා මට කිව්වා කෝල් කරලා සර් එයාගේ පෞද්ගලික දේවල් කියනවා කියලා. පස්සේ එයා කියලා අක්කා හම්බවෙන්න  ඕන කියලා. ඒත් ඒ අක්කා ගියේ නෑ.... ඒත් ඒ අය අක්කාව හොයාගෙන ඇවිත්. සර්ගේ බිරිඳයි, සර්ගේ නංගි කෙනෙකුයි සර්ගේ මල්ලි කියලා කෙනෙක් ඇවිල්ලා බැනලා තියෙන්නේ ඇයි?  12ට වතිර සර්ටෙ කෝල් කරන්නේ කියලයි.
ඒත් ඒ අක්කා සර්ට කොල් කරලා නෑ. ඒත් එයාගේ බිරිඳට අහුවුණාම සර් බේරෙන්න කියලා තියෙන්නේ එයාට අක්කා කෝල් කරනවා කියලයි.  සර් හදන්නේ ඒ අක්කට බොරි කියලා කොහොම හරි ගෙන්න ගන්න.
සර් ඒ අක්කට කෝල් කලාම කියන්නේ එයාගේ ඇඳුම ලස්සනයි. හරි හැඩයි කියලා. සර් ඉස්කෝලේදි හරි වෙනස්. සර් ළමයින්ට උගන්වන්නේ ආදර්ශමත් විදිහට ඉන්න කියලා. දෙමාපියන් ඉදිරියේ ළමයින්ට බණිනවා. මේ ළමයින්ගේ කිසිම සංයමයක් හැදියාවක් නැහැ කියලා.
තව මාත් එක්ක ඉන්න යාළුවෙක් එක්කත් සර් යාළු වුණා. දවසක් එයා පන්ති යන්න බස් එකක  නැගලා ඉන්නකොට සර් ඇවිත් එයා ගාවින් ඉඳගෙන එයාට දිගටම කරදර කරලා. ඒ හේතුව නිසාම මගේ යාළුවා පන්ති නැවැත්තුවා එයා අම්මට කියලා තියෙන්නේ පන්ති යන්න භැ කොල්ලෙක් පස්සෙන් එනවා කියලා.
මේ සිද්ධිය වුණත් ළමයින් කවුරුත් විදුහල්පතිට කියන්න ගියේ නෑ.විදුහල්පතිට ඉන්නේ හාමුදුරුනමක්. එයත් හොඳ නෑ කියලා තමයි ළමයි කියන්නේ. එයාගේ නියෝජ්‍ය විදුහල්පතිතුමත් හොඳ නෑ කියලා තමයි ආරංචි තියෙන්නේ. සර්ලා හොඳ නැති බව අපිවගේම අපේ දෙමව්පියොත් දන්නවා. ඒත් අපිට එයාලට මුකුත් කියන්න බෑනේ.
ළමයි සර්ට ළං වෙන්නේ එයාගේ කතාවට. වචනවලට. ඉස්කෝලෙදි එයා අපට කියන්නේ ආදර්ශවත් විදියට ඉන්නේ කියලා. ඒ වගේම ළමයින්ට හිතට වදින විදියට කතා කරනවා.
උගන්නද්දී සර් ගෑනු ළමයින් ගාවට ඇවිත් ඉඳගන්නවා. කතා කරනවා. ඒවගේම පන්තියේ දී සර් ළමයින්ගෙන් අහනවා ඔයාලට පිරිමි ළමයෙක් ඉන්නවද ඇත්ත කියන්න කියලා. ඇත්ත කිව්වාට පස්සේ සර් විස්තර අහනවා. සර් කියනවා කවදා හරි එයා බඳින්න ගෙදර අය කැමැති වුණේ නැතිනම් සර් ගාවට එන්න එයා උදව් කරන්නම් කියලා.
ගුරු මණ්ඩලයත් මේවා ගැන කතා කරන්නේ නෑ. ඒත් අපිට වඩාත්ම සමීප ටීචර්ලා, දෙන්නෙක් අපෙන් ඇහුවා ඔයාල සර්ගේ පන්තියට යනවද කියලා. ගියත් කමක් නෑ පරිස්සමෙන් කියලත් කිව්වා.


උපුටා ගැනීම රිවිර පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.