
දකුණු ආසියාවේ වඩාත්ම සුරක්ෂිත නගරය බවට කොළඹ නගරය පත් කිරීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මේ සඳහා අධිආරක්ෂිත කැමරා පද්ධති නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම කටයුතු කඩිනමින් අවසන් කරනු ඇති බවද අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.
කොළඹ නගරයෙන් අනතුරුව අනුරාධපුර සහ මහනුවර වැනි නගරවලද මෙම කැමරා පද්ධති ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා. එම කටයුතුද කඩිනම් කෙරෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.