පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීමකට තමන් එකඟ නොවන බව ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ 03 ක නායකයින් පවසනවා. ඩිව්. ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිළිබඳ කමියුනිස්ට්, ලංකා සම සමාජ සහ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්‍ෂවල මතය දැනුම් දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. එහෙත් එහිදි ප‍්‍රශ්න කෙරුණේ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබා දෙන්නේ යැයි ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වු බවට ඉන්දිය විදේශ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයයි. 13 වැනි සංශෝධනයට තමන් එකඟ වනවා. එහෙත් එහි අඩංගු පොලිස් බලතල ලබා දීමට තමන් එකඟ නොවන බවයි ඩිව්. ගුණසේකර සහ තිස්ස විතාරණ යන අමාත්‍යවරුන් එහිදී අවධාරණය කළේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය පිළිබඳ අද ප‍්‍රශ්න කළා. එහි නායක සෝමවංශ අමරසිංහ මහතා මාධ්‍යට නිකුත් කළ ප‍්‍රකාශයකින් අවධාරණය කළේ රජය වහාම ජාතික ගැටළුව සඳහා සිය විසඳුම් හෙලි කළ යුතු බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.