2012-01-18

උතුර පිළිබඳ අපේක්ෂාව ඉන්දීය විදේශ ඇමැති හෙළි කරයි


අධ්‍යාපනයට හිතකර පසුබිමක් උතුරේ නිර්මාණය වනු දැකීම සිය අපේක්‍ෂාව බව ඉන්දීය රජය පවසනවා. මෙරට සංචාරයක නිරත ඉන්දිය විදේශ අමාත්‍ය      එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා මේ බව අද ප‍්‍රකාශ කළේ කිලිනොච්චියේ පැවති උත්සවයකට සහභාගි වෙමින්.
මුදා ගත් කිලිනොච්චියේ සංචාරයකට ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද එක්වුයේ පළමු වතාවටයි. මෙහිදි ඉන්දීය ආධාර මත ප‍්‍රතිසංස්කරණය කෙරුණු පාසල් 79 ක් සිසුන්ගේ අයිතියට පත් කෙරුණා. එසේම කිලිනොච්චි දිස්ත‍්‍රික් රෝහලට පැමිණි ක‍්‍රිෂ්ණා මහතා රුපියල් මිලියන 29 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. මෙහිදි යළි අදහස් දැක්වු ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ නැවත පදිංචි කෙරුණු ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් තව දුරටත් කටයුතු කිරිමට ඉන්දියාව සුදානම් බවයි. අනතුරුව පස්වරුවේ යාපනයේ සංචාරයක නිරත වු ක‍්‍රිෂ්ණා මහතා එහිදි අවතැන් ජනතාව වෙනුවෙන් ඉන්දීය රජයේ මැදිහත් වීමෙන් ඉදිකෙරුණු නිවාස ජනතා අයිතියට පත් කළා. ඊට අදාල උත්සවය පැවැත්වුණේ යාපනය අරියාලේ හිදි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.