ජාතික ගැටලූව පිළිබඳ පත් කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමන් එක් නොවන බව කිසිදු අවස්ථාවක ප‍්‍රකාශ නොකළ බව ද්‍රවිඩ සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා
පැවසුවේ තම ස්ථාවරය වූයේ මෙතෙක් සාකච්ඡාවලින් ලද ප‍්‍රගතිය කි‍්‍රයාවට නැංවිය යුතුය යන්න පමණක් බවයි.
රජය සමග දැනට කි‍්‍රයාත්මක සාකච්ඡාවලින් තමන් බැහැර නොවන බවද සම්බන්ධන් මහතා පැවසුවා. එහෙත් මුළුමනින්ම සම්මුතියකට එළැඹීමට ප‍්‍රථම දැනට ගෙන ඇති තීරණ කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට හැකිවිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුව සමග පෙරේදා ඇරඹීමට නියමිතව තිබූ සාකච්ඡා වටයට තමන් සූදානම් වී සිටි බවද සම්බන්ධන් මහතා කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.