2011-12-30

Z Score ගැටලුව අධ්‍යයනයට විද්වත් කමිටුවක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවල දිස්ත්‍රික් කුසලතාවය ආශ්‍රීතව පැන නැගුණු ගැටලු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණ හා  පර්යේෂණ අමාත්‍යාංශයේ
ලේකම් ධාරා විජේතිලක මහත්මියගේ සභාපතීත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වන්නේ,
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය
මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා
ඌව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා
රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා
මෙම විද්වත් කමිටුව මගින් 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිස්ත්‍රික් කුසලතා ආශ්‍රීතව මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කර ඉදිරි සති දෙකක් තුළ සිය නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.