2011-12-30

ගේ‍්‍රරු වෙනුවෙන් අතුරු තහනම් නියෝගයක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. ඒ කොළඹ දිසා අධිකරණයේ  ප‍්‍රධාන විනිසුරු රංජිත් එන්. වතුපොළ මහතා විසින්.
ගේ‍්‍රරු මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමද එක්සත් ජාතික පක්ෂයට තහනම් කෙරෙන බව අතුරු තහනම් නියෝගයේ සඳහන් වනවා. එම නියෝගය නිකුත් කෙරුණේ මොහොන් ලාල් ගේ‍්‍රරු මහතා විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින්. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.