නීතිවිරෝධී ලෙස ඉන්දියාවට විදෙස් මුදල් නෝට්ටු තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුනා. ඒ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් අද අලූයම සිදු කළ පරීක්ෂාවකදීයි. රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් මුදල් නෝට්ටු මෙලෙස රැගෙන යාමට උත්සහ දරා තිබෙනවා. සැකකරුවන් ඉන්දීය ජාතිකයන් වන අතර චෙන්නායි නුවර ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්තය වුණා. අමෙරිකානු, කැනේඩියානු , සිංගප්පූරු සහ ඔස්ටේ්රලියානු ඩොලර් හා ස්විස් ක්‍රෝනර් මුදල් නෝට්ටු මෙම මුදල් තොගය අතර වන බව කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළා. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගුවන් තොටුපොළ රෙගුව මගින් කි‍්‍රයාත්මකයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.