ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2011 වසරේ දී විවිධ බැංකුවලින් රුපියල් කෝටි 28,524 ක් ණය වශයෙන් ලබා ගෙන ඇති බව අද අනාවරණ වුණා. ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයකින්.
ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට සහ තෙල් ටැංකි සංකීර්ණ අලූත්වැඩියා කිරීම සඳහා මෙම ණය මුදල් ලබා ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම ලේඛනය සභාගත කෙරුණා. ලබා ගත් ණය මුදල්වලින් පසුගිය වසර අවසන් වන විට රුපියල් කෝටි 14,540 ක් ගෙවීමට ද කටයුතු කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.