එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සුවිශේෂි කටයුත්තක් සිදු කරනු ලැබුවා. මේකට ප්‍රධාන වශයෙන් බලපෑවේ පසුගිය 12 වෙනිදාට යෙදී තිබුණු එතුමාගේ උපන් දිනය.
ජනවාරි මස 12 වෙනිදාට යෙදී තිබුණු සජිත් මහතාගේ උපන් දිනය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට කේක් ගෙන ඒම තමයි සජිත්ගේ මේ සුවිශේෂ වැඩේ. ඒක තවත් සුවිශේෂ වන්නේ තම පක්ෂයේ සාමාජිකයන් සමග නොව පාර්ලිමේන්තු වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් සමග එක්ව උපන් දිනය සැමරීමයි. මේක සිද්ධ වුණේ මාධ්‍යවේදින්ගේ කාමරයේදීයි. එතැන සිටි සෑම මාධ්‍යවේදියෙකුටම කේක් කෑල්ලක් දෙන්න සජිත් අමතක නොකළ බවයි අප පාර්ලිමේන්තු විශේෂ නියෝජිතයා කියා සිටියේ. 2012-01-19
සජිත්ගෙන් මාධ්‍යවේදීන්ට කේක් කෑල්ලක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.