පාසල් ප‍්‍රවාහන කේෂ්ත‍්‍රයේ නිරත රියදුරන්ගේ ප‍්‍රවීණතාව පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූ බවයි.
පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රියදුරන් මෙන්ම වාහන හිමිකරුවන්ද ඍජුව වගකිව යුතු වනවා. මේ සඳහා රියදුරන්ගේ විනයගරුකභාවය මෙන්ම ඔවුන්ගේ ප‍්‍රවීණතාවද වැදගත් වන බවයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත සිහිපත් කර ඇත්තේ.
මේ අතර ළමුන්ගේ ආරක්ෂාව නොතකන රියදුරන් මෙන්ම වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නැයි මහින්ද රාජපක්ෂ මහතා ළමාරක්ෂක අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. එහි සභාපති අනෝමා දිසානායක මහත්මිය වෙත ඔහු උපදෙස් ලබාදී ඇත්තේ පාසල් ප‍්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවට ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
මේ අතර ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ සිදු වූ පාසල් වෑන් රථ අනතුරින් තුවාල ලැබූ සිසුන් සිවුදෙනෙකු තවදුරටත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.