ධර්ම ප‍්‍රචාරය සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන මුස්ලිම් ආගමික නායකයන්ට එරෙහිව නැගෙන චෝදනා රජය ප‍්‍රතික්‍ෂෙප කළ බව සමස්ත ලංකා මුස්ලිම්වරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එල්.එම්. අමීන් මහතා පැවසුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඊයේ මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
පකිස්තානය, බංග්ලාදේශය, මැදපෙරදිග රටවලින් පැමිණි මුස්ලිම් ආගමික නායකයන් 150 දෙනෙකුට රටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඊට හේතු වූයේ නිසි පරිදි වීසා බලපත් ඔවුන් සතුව නොතිබීමයි. කොළඹ ඊයේ පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සමස්ත ලංකා මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති එල්.එම්. අමීන් මහතා ප‍්‍රකාශ කළේ ආගමික නායකයන් මුහුණදී ඇති ගැටලූ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.2012-01-24
Tags