වෘත්තිය අරගල ක්‍රියාත්මක වුව ද විදුලි බල සැපයුමට කිසිඳු බාධාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වෘත්තිය අරගල, මානව අයිතිවාසිකමක් බවයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර විදුලි බල මණ්ඩල සේවකයින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ලංකා විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානයේ විධායක කමිටු සාමාජික එම්.පී.වීරසිංහ මහතා ප්‍රකාශ කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවයි. ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ 45% ක වැටුප් වැඞී වීමක් ඉල්ලමින්.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සේවකයින් ද හෙට පැය 04 ක කාලයක් රාජකාරීවලන් බැහැරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සුදානම් වනවා. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය බස්නාහිර පළාත තුළ පමණක් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩි කළ නොහැකි බවයි. විදුලි බල, ජල සම්පාදන සහ ඛනිජ තෙල් සේවකයික් සඳහා 25% වැටුප් වැඞීවීමක් ලබා දීමට තීරණය කෙරුණා. වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි 45% ක වැටුප් වැඞී වීමක් ලබා නොදෙන බවයි ඔහු අවධාරණය කර සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.