දවුලගල වෙලන්බොඩ මාර්ගයේ නීතී විරෝධී ලෙස ප්රවාහනය කරමින් තිබූ කසළ තේ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඹන්කොටේ පොලිස් විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් අදාළ කසළ තේ තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙනවා. කසළ තේ ප්රවාහනය කිරීම සඳහා යොදා ගත් ලොරි රථයක් ද සිය භාරයට ගැනීමට හැකි වූ බව ඔවුන් පවසනවා. අදාළ සැකකරු මඩුපිටිය බිටිගහකොටුව ප්රදේශයේ
පදිංචිකරුවෙක් වනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කසළ තේ කිලෝග්රෑම් 4160ක් තිබූ බව දවුලගල පොලිසිය අනාවරණ කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දවුලගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.