2012-02-16

හලාවත ධීවරයා වෙඩි තැබූවන් හෙළි වේ


පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප‍්‍රහාරයකින් හලාවත නගරයේ දී ධිවරයෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බව පරික්‍ෂණවලදී අනාවරණ වුණා. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරික්‍ෂණයේ දී හෙලි වී ඇත්තේ ගිනි අවි 03 ක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියා.
(උපුටා ගැනීම nethfm.com)

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.