2012-03-08

2011දී රුපියල් මිලියන 1,17,150ක මුදල් නෝට්ටු මුද්‍රණය කරලා


2011 වර්ෂයේදි රුපියල් මිලියන එක්ලක්‍ෂ 17,150 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා. ජේ්‍යෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසුවේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 1421 ක මුදලක් වැය කළ බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා නැගු වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
ඔහු මේ බව කියා සිටියා. 2010 වසරේදී රුපියල් මිලියන එක්ලක්‍ෂ 4650 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 660 ක්. 2009 වසරේදී රුපියල් මිලියන 83,350 ක වටිනාකමකින් යුත් මුදල් මුද්‍රණය කෙරුණා. 2008 වසරේ දී මුද්‍රණය කර ඇත්තේ රුපියල් මිලියන 11,300 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක්. මෙම මුදල් නෝට්ටු බියගම ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මගින් මුද්‍රණය කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.