ජිම්නාස්ටික් පුහුණුකරුවන්ගේ ලියාපදිංචිය අනිවාර්යය කිරීමට ජාතික ජිම්නාස්ටික් සංගමය තීරණය කර තිබෙනවා. මේ වන විට සංගමයේ ලියාපදිංචි වී සිටින පුහුණුකරුවන් සංඛ්‍යාව 40 ක් පමණයි. එහෙත්, දිවයින පුරා පුහුණුකරුවන් 200කට ආසන්න ප‍්‍රමාණයක් සිටින බවයි ජාතික සංගමය පවසන්නේ. නිසි දැනුමක් නොමැති පුද්ගලයින් පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. ජිම්නාස්ටික් යනු වසර කිහිපයකට වරක් තාක්ෂණික වශයෙන් යාවත්කාලීන වන ක‍්‍රීඩාවක්. එහෙත්, ඇතැම් පුහුණුකරුවන් යාවත්කාලීන නොවීම හේතුවෙන් ක‍්‍රීඩකයින් ආබාධවලට ලක්වීමේ අවධානමක් ඇතැයිද ජාතික සංගමය පවසනවා. ඉදිරියේදී පුහුණුකරුවන් ලියාපදිංචිය අවසන් කළ පසු එවැනි පුහුණුකරුවන් ක්ෂේත‍්‍රයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි ජාතික ජිම්නාස්ටික් සංගමය වැඩිදුරටත් කියා සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.