නීති විරෝධි ලෙස අමෙරිකානු ඩොලර් තොගයක් මාලදිවයිනට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිළධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් සතුව තිබී රේගු භාරයට පත් වූ අමෙරිකානු ඩොලර් තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 30 ක් පමණ වන බවයි. සැකකරුවන් දෙදෙනා හලාවත සහ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.