ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගාතුර වූ බුත්තල රන්ජන් විජේරත්න විද්‍යාලයේ සිසුන් 26 දෙනෙකු අද උදෑසන රෝහල්ගත කෙරුණා. පාසලෙන් ලබාදුන් ඉඳිආප්ප සහ බිත්තර අඩංගු උදෑසන ආහාරය මෙලෙස විෂ වී ඇති බවට සැකකෙරෙනවා. රෝගී වූ සිසුන් මේ වන විට බුත්තල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. වමනය සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම සිසුන් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. තවත් සිසුන් කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.