2013-05-29

ඉන්ද්‍රරතන හිමියන්ගේ දුරකථන දත්ත ඔස්සේ පුද්ගලයන් රැසකගෙන් පරීක්ෂණ


මහනුවර රැජින හෝටලය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගෙන හිමිනමක් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිමිනමගේ ජංගම දුරකථනය ඔස්සේ ලබාගත් තොරතුරු ඔස්සේ පුද්ගලයින් රැසකගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර කර තිබෙනවා. සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට අමතරව ශ්‍රී දළදා මැදුර ආසන්නයේ මල් වෙළෙඳාමේ නිරත පුද්ගලයින්ගෙන්ද එම නිලධාරීන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
හිමිනම පෙට්‍රල් ලබාගත්තේ කුමන ඉන්ධන පිරවුම් හලකින්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ද පොලිසියේ අවධානය යොමුව තිබෙන අතර නගරයේ ඉන්ධන පිරවුම්හල් කිහිපයකින්ම ඒ සම්බන්ධව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබාගෙන ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.