ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටය තහනම් කරණ තැනට මගපෑදී තිබුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
සංජීව පුෂ්පකුමාරගේ එම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදකවරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් වූ බව තතු දත් අය පවසනවා.
2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී ප්රවෘත්ති විකාශයෙන් 'ඉගිල්ලෙන මාළුවෝ’ චිත්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප්‍රකට සාහිත්‍ය වේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ මාධ්‍ය සාකජාවක් පවත්වා තිබෙනවා.
එහිදී එම චිත්‍රපටය සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර සපයා දී ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්රණයක කොටස්කරුවෙකු වශයෙන් කටයුතු කොට ඇති බවට චෝදනා කරමින්,ඔහුගේ ජායාරූපයක්ද සමග පළ කළ පදනම් විරහිත අසත්‍ය ප්‍රවෘත්තිය නිසා ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා ස්වාධීන රූපවාහිනියට අයි.ටී.එන්. එන්තරවාසියක් යවා තිබෙනවා.
පසු ගිය ජුලි මාසයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වූ ප්‍රංශ චිත්‍රපට උළෙලේ මුල් දිනයේ 'ඉගිල්ලෙන මාළුවෝ’ චිත්‍රපටය ප්‍රථම වතාවට ලංකාවේ ප්‍රදර්ශනය කරන ලැබුවා.
තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය විදෙස් චිත්‍රපට උළෙල කිහිපයක් නියෝජනය කරමින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන ගණනාවක් ද දිනාගෙන තිබෙනවා.

සති දෙකක් ඇතුළත මේ වන්දි මුදල නොගෙවුව හොත්,ස්වාධීන රූපවාහිනී සේවයට එරෙහිව නඩු මගින් කටයුතු කරන බව, ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම රූපවාහිනී සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.