ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය නාලිකාවලට දන්වයි.
රාජ්‍ය නාලිකා එළිපිටම ජනපති වෙනුවෙන් ඡන්ද සටනට සහයෝගය දෙතියි ස්වාධීන නිරීක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි දේශප්‍රිය මහතා පවසයි.
මෙම කටයුත්ත නිදහස් හා සාධාරණ මැතිවරණයකට බරපතල අවහිරයකියි රාජ්‍ය විද්‍යුත් නාලිකාවලට ලිපියක් යවමින් කොමසාරිස් කියයි.
එම ලිපියේ පිටපතක් දුටු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කියයි.
දෙකෝටියක ජනගහනයෙන් යුත් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පිරිසක් වෙත වැඩසටහන් විකාශනය කරනුයේ මෛ රාජ්‍ය නාලිකා දෙකෙනි.
දේශපාලන වශයෙන් සංවේදී තොරතුරු විකාශනය කිරීමට පෙර තම උපදෙස් ගන්නැයි කොමසාරිස් එම නාලිකා ප්‍රධානින් හට අනතුරු අඟවයි.
ඡන්ද නීති උල්ලංඝණය කිරීමේ වගකීම ඔවුන් භාර ගත යුතු බව ද ඔහු ඔවුනට කියා ඇත.
රජයේ වාහන සහ රාජ්‍ය නිලධරයන් රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩට විශාල වශයෙන් යොදා ගන්නා බව පෙනේයැයි දේශීය ඡන්ද නිරීක්ෂකයෝ කියති.
පාලක පක්ෂයේ ඡන්ද ප්‍රචාරයට හවුල්වන රාජ්‍ය නිලධරයනට එරෙහිව නඩු පැවරීම සඳහා විපක්ෂය තොරතුරු එක්රැස් කරන බව ද වාර්තා වෙයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.