2014-12-13

සංගක්කාර - ඩිල්ෂාන් අර්ධ ශතක වාර්තා කරයි

ඩිල්ෂාන් දැවී යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ශාන් දැවී ගියේය. ජේම්ස් ට්‍රැඩ්වෙල්ගේ පන්දුවක් හමුවේ රවී බොපාරා අතට උඩපන්දුවක් ලබාදී ඩිල්ශාන් දැවී යනවිට ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය. සංගක්කාර සමගින් ඩිල්ෂාන් ලකුණු 153ක සබඳතාතක් ගොඩනගා සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් අවසන් වී ලකුණු 162/2 ක් රැස්කරගෙන සිටියි. පන්දුවට පහර දෙමින් සිටින කුමාර් සංගක්කාර ලකුණු 77ක් රැස්කරගෙන සිටියි. සීක්කුගේ ප්‍රසන්න පන්දුවට පහරදීම පැමිණියේය.

සංගක්කාර - ඩිල්ෂාන් අර්ධ ශතක වාර්තා කරයි

කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අර්ධ ශතක වාර්තා කිරීමට දැන් සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 28 අවසන් වී මේ වනවිට ලකුණු 119/1 ක් රැස්කරගෙන සිටියි. දෙවැනි කඩුල්ලට ලකුණු 111 සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් සිටින ඩිල්ෂාන් ලකුණු 53ක් කුමාර් සංගක්කාර ලකුණු 51 රැස්කරගෙන සිටියි. සංගක්කාර තම 92 එක්දින අර්ධ ශතකයද, ඩිල්ෂාන් 43 වැනි එක්දින අර්ධ ශතකයද අද වාර්තා කළේය.

සංගක්කාර ලකුණු 41කදී රවී බොපාරාගේ පන්දුවක් හමුවේ නායක ඇලෙස්ටියාර් කුක්ට පහසු උඩපන්දුවක් ලබාදුන්නට එය රැකගැනීමට නොහැකි විය.

ඩිල්ෂාන් - සංගා ඉනිම ගොඩනගයි

එංගලන්ත පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ මන්දගාමී වූ ශ්‍රී ලංකා ඉනිම තිලකරත්න ඩිල්ශාන් හා කුමාර් සංගක්කාර විසින් මේ වනවිට ගොඩනගමින් සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 15 ක් මේ වනවිට අවසන් වී ඇති අතර, ලකුණු 51/1 රැක්කරගෙන සිටියි. පන්දුවට පහරදෙමින් සිටින කුමාර් සංගක්කාර හා තිලකරත්ත ඩිල්ෂාන් ලකුණු 22 බැගින් රැස්කරගෙන සිටියි.



මහේලගේ ඉනිම අවසන් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මහේල ජයවර්ධන මීට සුළු වේලාවකට පෙර දැවී ගියේය. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජේම්ස් ටේලර් අතට උඩපන්දුවක් ලබාදී මහේල දැවී යනවිට ලකුණු 05ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 3.5ක ලකුණු 8/1 රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින තිලකරත්න ඩිල්ශාන් ලකුණු 02ක් රැස්කරගෙන සිටියි. කුමාර් සංගක්කාර පන්දුවට පහරදීමට පැමිණ සිටියි.

මහේල - ඩිල්ෂාන් ඉනිම අරඹයි

පසුගිය තරගය කිහිපයේදී අසාර්ථක වූ කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට මහේල ජයවර්ධන තිලකරත්න ඩිල්ශාන් සමගින් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරයි.

චන්දි, සීක්කු හා ලක්මාල් ඇතුලට

ශ්‍රී ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න හා සුරංග ලක්මාල් කැඳවා ඇති අතර, ඒ වෙනුවට අජන්ත මෙන්ඩිස්, කුසල් ජනිත් හා ධම්මික ප්‍රසාද් ඉවත්කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම

තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්

එංගලන්ත කණ්ඩායම

ඇලෙස්ටියාර් කුක්, මොයින් අලි, ජේම්ස් ටේලර්, ජෝ රූට්, රවී බොපාරා, ඉයන් මෝගන්, ජෝෂ් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩන්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ස්ටීවන් ෆින්

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (13දා) ආරම්භවූ හයවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඊයේ සන්ද්‍යාවේ පල්ලෙකැලේ අවට ප්‍රදේශයට වර්ෂ සහිත කාලගුණයක් පැවැතියද මේ වනවිට එම සියල්ල පාලනය වී පෙ.ව.10.00 තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානමින් පවතියි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.