ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ මේ හේතුවෙන් අද මධ්‍යම රාත‍්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.
රජය විදුලි සේවකයින් සඳහා 25% ක වැටුප් වැඩි කිරීමක් ඊයේ යෝජනා කළා. එහෙත් විදුලි සේවකයින් අදත් විරෝධතා ක‍්‍රියාමාර්ගවල නිරත වුයේ තම පිළිගත් වෘත්තිය සමිති අදාල තීරණය ගැනුණු සාකච්ඡාව සඳහා කැඳවා නොතිබු බව පවසමින්.
මේ අතර ජල සම්පාදන සහ ජලාපවහන සේවක සංගමය අනිද්දා දිනයේ දී පැය හතරක සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට සූදානම් වනවා. අපේක්‍ෂිත වැටුප් ලබා ගැනීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට ප‍්‍රවේශ වන බවට රජයට අනතුරු ඇඟවීම එහි අරමුණයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.