සිය නිල ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා ගැනිම තව දුරටත් ඉහළ යා හැකි බව අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද මේ බව කියා සිටියේ අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයාගේ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී සභාවේ ඇති වුයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක්. අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ මේ දක්වා වැඩිම ගමන් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගත් ප‍්‍රභූවරයා තමන් බවයි. තමාගේ කාර්ය බහුල කාලසටහන අනුව එසේ කිරීමට සිදුව ඇතැයි ඔහු ප‍්‍රකාශ කළා. පෙබරවාරි මාසයේදීද අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් සහභාගි විය යුතු උත්සව රැුසක් යෙදී තිබෙනවා. ඒ අනුව සිය ගුවන් ගමන් තවදුරටත් වැඩි විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.